ජ්‍යෙතිශය හා නිමිති අතර ඇත්තේ සමීප සම්බන්ධයකි. සතුන්ගේ ඉරියව් තුලින් සුභාසුභ නිශ්චය කිරීමේ හැකියාවක්ජ්‍යෙතිශය ලබා දීඇත.ජ්‍යෙතිශයේ ඇති අපූර්වත්වය ද එයයි.එය පුලුල් පරාසයක් තුල විහිදී යන පුලුල් විෂයයක් වනනේ ද මේ නිසයි. හැකි තරම් මෙයින් සේවාවන් ලබා ගැනීමට ඉඩ සලසා තැබීමම පුදුම එලවන සුලු කරැණකි.

අද මෙම තීරැව යටතේ දැක්වීමට උත්සාහ කරන්නේ ගෙදර ඇති කරන සුරතල් සුනඛයා තුළින් විද්‍යාමාන වන සුභාසුභ පෙර නිමිතිය.

සුනඛ නිමිති - "වෘහත් සංහිතා" තුලිනි
  • ගමනක් යන අයෙකු ඉදිරියේ මිනිසෙකු‍ අසෙකු කළයක් සෑදලයක් කිරි වෘක්ෂයක් ග‍ඩොල් ගොඩක් කුඩයක් ඇදක් Bed අසුනක් වංගෙඩියක් කොඩියක් ලා තණ බිමක් වැනි දෙයක සුනඛයෙක් සුලුදිය පහ කරයිද එයින් කාර්යය සිදුවේ.
  • ගමනක් යාමට සුදානම් වූවෙකු ඉදිරියට සුනඛයා සෙරෙප්පු කුට්ටම ගෙන ආයේ නම් අර්ථ සිද්ධිය ඇතිවේ. මස් පිරි මුවෙන් ආවේ නම් ධන ලාභය වේ. ‍තෙත් ඇටයක් ගෙන ආයේ නම් ශුභයි. වියළි ඇටයක් ගෙන ආයේ නම් මරණයයි. ගිණි පොනල්ලක් ගෙන ආයේ නම් ගෙන ආයේ නම් ගමන් කරැ පහර ලබයි. ඇදුමක් Dress ගෙන ආයේ නම් ශුභයි. ගසක පොත්තක් ගෙන ඒම අශුභයි.තමාගේ අත්පා ආදියක් මුඛයෙන් අදී නමි භූමි ලාභ යෙදේ.
  • සුනඛයෙකු වියළි ඇටයක් ගෙන ගෙතුළට වදී නම් ගෘහ මූලිකයා මරණයට පත් වේ.දම් වැලක් දිරැණු වැලැක් ලණුවක් ගමන්කරැවෙකු ඉදිරියට ගෙන ආයේ නම් බන්ධනයටපත් වේ.පා ලෙවකා කන් සොළවා උඩ පනීනම් ගමනට බාධාවක්.සුනඛයා තම අවයව කැසීමද ගමනට බාධාවකි.පාදෙකෙන් කෙළින් සිටීමද දෝෂයකි.
  • බල්ලෙකු එළිපතෙහි හිස තබා පිටත සිරැර තබා ගෘහිනිය දෙස බලා බුරයිද එකල එම ගෙයි රෝග බිය ඇතිවේ. සිරැර ගෙය තුළ තබා එළිපතෙහි හිස තබා ගෘහ මූලිකයා දෙස බලා බුරයිද භාර්යාව පතිවත නොරකින බව දැන්වීමකි.
  • ගෙයි බිත්තිය පහුරැ ගායිද සොර බියකි.
  • සුනඛයා ඇසින් කදුලු වගුරැවමින් බැගෑපත් බැල්මෙන් ස්වල්පයක් ආහාර ගනීද එම ගෙයට දුක් පැමිණේ.
  • ගවයින් හා සෙල්ලම් කරයි නම් යහපතකි.
  • තම වම් දන සුනඛයා විසින් සිබීද ධන ලාභයකි. දකුණු දන සිබීද බිරිද හා කලහයකි.වම් කලව සිබීද සැපයකි. දකුණු කලව සිබීද මිතුරන් හා කළහයකි.

ගමනක් ආරම්භයේ දි හෝයම් කටයුත්තක් ආරම්භයේ දි දකින ඇසෙන දෙයෙහි ඵල විපාක

01 වෛශ්‍යා කාන්තාවක නාට්‍යාංගනාවක දැකීම සුභයි.

02 අවමංගල පෙරහැරක් ඉදිරියට පැමිණීම සුභයි.
03 අවමංගල පෙරහැරක් තමා යන දිශාවට යාම අසුභයි.
04 අංග විකල අයෙකු යාචකයෙකු දැකීම අසුභයි.
05 පොද වැස්ස අසුභයි.
06 සීනු නාදයක් සංගීත ශබ්දයක් ඇසීම අශුභයි.
07 කිරි භාජනයක් රැගෙන එන්නෙකු දැකීම ශුභයි.
08 වයසක කාන්තාවක හෝ පුරැෂයකු කථා කිරීම සුභයි.
09 උතුරැ දිශාවෙන් කවර හෝ සුදු පැහැ දෙයක් දැකීම සුභයි.
10 තමා යන තැන කව්රැන් හෝ ඇසීම අසුභයි.
11 යන්න එපා යයි අවවාද කරනු ලැබීම හෝ කෑම කන්නයයි පැවසීම අශුභයි.
12 කවරකු හෝ හිස කැසීම අශුභයි.
13 අරක්කු වැනි මත් වන දෙයක් ඉදිරියට ගෙන ඒම ශුභයි.
14 හිස මතට ඉදුල් විසි කිරීම ශුභයි.
15 ජෝඩුවක් ගැහැණු පිරිමි ඉදිරියට පැමිණීම ශුභයි.
16 කපුටකු හැඩීම අශුභයි.
17 බීමත් අයෙකු පැමිණීම අශුභයි.
18 නැගෙණහිර දිශාවෙන් කපුටකු පියාඔා ඒම ශුභයි.
19 දර හෝ ගින්දර දැකීම අශුභයි.
20 රන් කරැවෙකු දැකීම අශුභයි.
21 හිස නොපීරැ අයෙකු පැමිණීම අශුභයි.
22 අංක ඇසීමේ ඵල
  1. 1 අශුභයි
  2. 2 දෙගිඩියාවයි
  3. 3- 4 දබර
  4. 5 බරපතල කරදර
  5. 6 ලාභ
  6. 7 - 8 මරණය
  7. 9 ලාභ
  8. 10 ධනය
  9. 11-14 ලාභ
23 තමන් අදින ඇදුම් යමෙකු ඔසවා ගෙන සිටීම අශුභයි.
24 කුඩය සැරයටිය තොප්පිය තලප්පාව අත් ලේන්සුව හැට්ට කටු වැනි දෙයක් බිම වැටීම අශුභයි.
25 අසළ නිවසක රණ්ඩු දබර වීම අශුභයි.