2010 ඔබට කෙහොම ද?
මේෂ
ලග්නාධිපති කුජ 04 වැන්නේ ද සදු 03 වැන්නේ දසිකුරැ බුධ රවි රාහු 09 වැන්නේ ද ගුරැ 11 වැන්නේ ද ශන් 06 වැන්නේ ද සිටිමින් මෙම වසර ඔබට උදා විය.ඉඩම් හිමිකම් නිවාස ඉදිකිරීම් අලුත්වැඩියා කටයුතු සිදුවේ. අධ්‍යාපනය යහපත් සමාජ සම්බන්ධතා ආරම්භ වේ. ආධායම් ලැබීම් ද යහපත්ය.
ශුභ අංක 1 2 4 5 7 9

වෘෂභ
ලග්නාධිපති සිකුරැ ද රවි බුධ රාහු 08 වැන්නේ සිටීම අශුභ බලපෑම් ඇති කරයි. ‍මේ නිසා මුදල් හානි රැකියාවේ බාධා අධ්‍යාපනික අංශයේ ගැටලු ඇති කළත් යහපත් මිතුරකුගේ හමුවීම ද දක්වයි.
ශුභ අංක 06

මිථුන
රවි බුධ සිකුරැ රාහු 07 වැන්නේ ද කුජ 02 වැන්නේද ශනි 04 වැන්නේ ද ගුරැ 09 වැන්නේ ද සිටිමින් ආරම්භ කළ මෙම වසර ඔබට එතරම් සුභ නැත.වාහන අලුත්වැඩියා වාතාබාධ අධ්‍යාපනික බාධා වැඩිහිටියකුට අපල ආදියට ඉඩ ඇත. කථා බහේදි සැලකිලිමත් වන්න. ගුරැ මහා දශා අතුරැ දශා ගත කරන අයට අධ්‍යාපනයෙන් වාසි ලැබේ.
ශුභ අංක 03 05

කටක
කුජ ලග්නගතවද රවි බුධ සිකුරැ රාහු 06 වැන්නේ ද ශනි 03 වැන්නේ ද ගුරැ 08 වැන්නේ ද මෙම වසර ඔබට ආරාම්භ වේ.ඔබට සුභ ඵල පෙන්වයි. තමාට හා ඉලෙනුම ලබන දරැවන්ට යහපත්ය. උසස් වීම් ඉඩම් ලාභ ධන ලාභ ඇතිවේ. ශරීර සුවය යහපත් සමාජ ඇසුර දක්වන සුභ නව වසරකි.
ශුභ අංක 02 07 09

සිංහ
ශනි 02 වැන්නේ ද රවි බුධ සිකුරැ රාහු 05 හේ ද කුජ 12 ද ගුරැ 07 ද සිටිමින් මෙම වසර ඔබට පටන් ගනී.මෙම වසර ඔබට එතරම් සුභදායක නොවේ.ආධායම් පහළ යාම දරැවන්ගේ අධ්‍යාපනයට බාධා පෙන්වයි. මුදල් හානි පාදවල ආබාධ තුවාල ආදියට ඉඩ ඇත. විවාහ අපේක්ෂාවෙන් සිටින විවාහ යෝජනා ඇති කරන අතර ගුරැ මහා දශා ගත කරන අයට විශේෂයි.
ශුභ අංක 04

කන්‍යා
බුධ සිකුරැ රවි රාහු 04 වැන්නේ ද ශනි ලග්නයේද ගුරැ 06 වැන්නේ ද කුජ11 වැන්නේ ද සදු කේතු 10වැන්නේ ද යෙදෙමින් මේ වසර ඔබ අරඔයි.ඔබට සම ඵල උදා කරයි. රාජ්‍ය ලාභ හිත මිතුරැ ඇසුර පෙන්වයි.පව්ලේ හිතසුව සතුට ඇති කරයි.අධ්‍යාපන කටයුතු වලට බාධා එල්ල විය හැක.
ශුභ අංක 02 05 07

තුලා
ලග්නාධිපති සිකුරැ ද රවි බුධ රාහු ද 03 වැන්නේ ද ගුරැ 05 වැන්නේ ද කුජ10 වැන්නේ ද ශනි 12 වැන්නේ ද සදු කේතු 09 වැන්නේ ද සිටිමින් මෙම වසර අරඔයි.සම ඵල උදා කරයි. ධන හානි සිත් තැවුල් රැකියා කරදර උසස් අයගෙන් ගැටලු ආදිය ඇතිවන අතර උත්සාහවත් වීමෙන් විභාග ජය ලැබිය හැක.
ශුභ අංක 06

වෘශ්චික
ලග්නාධිපති කුජ 09 වැන්නේ ද රවි බුධ සිකුරැ රාහු 02 වැන්නේ ද ශනි 11 වැන්නේ ද ගුරැ 04 වැන්නේ ද සදු කේතු 08 වැන්නේ ද සිටිමින් ඔබට මෙම වසර ඇර‍ෙඕ. ධන හානි ස්ථාන මාරැ අධ්‍යාපන හා විභාග කටයුතු වලට බාධා අසණීප රැකියා වලට බාධා මුදල් අවහිරතා ආදියට ඉඩ ඇත.
ශුභ අංක01 02 05 07

ධනු
ලග්නාධිපති ගුරැ 03 වැන්නේ ද රවි බුධ සිකුරැ රාහු ලග්නයේද කුජ 08 වැන්නේ ද සිටිමින් වසර අරඔයි.සම ඵල සහිතයි.ධන හානි සිත් තැවුල් තනතුරැ පහළ වැටීම් වලට ඉඩ ඇති බැවින් සැලකිළිමත් වන්න. අධ්‍යාපනයටද බාධා ඇති වුවත් රාහු මහ දශා ගත කරන අයට සුභ වසරකි.
ශුභ අංක03 05 06 08

මකර
ලග්නාධිපති 09 වැන්නේද ගුරැ 02 වැන්නේ ද රවි බුධ සිකුරැ රාහු 12 ද කුජ 07 සිටියි. රැකියා හෝ ස්ථාන වෙනස් වීම දරැවන්ට අපල ධනය ලැබුනත් වැය වීම විභාග ජය විවාහ යෝජනා ඇති වේ.
ගුරැ මහ දශා ගත කරන අයට සුභයි.
ශුභ අංක 06 08 09

කුම්භ
ලග්නාධිපති 08 වැන්නේ ද ගුරැ ලග්නයේද රවි බුධ සිකුරැ රාහු 11 වැන්නේ ද කුජ 06 වන්නේ වසර ආරම්භයේ සිටියි. ශාරිරික පීඩා දණහිස් ආබාධ අර්ශෂ් ආදියට ඉඩ ඇත. ආධායම් ලාබීම් වලට බාධා නැත. රාහු මහා දශා ගත කරන අයට සුභ ඵල දායනයි.
ශුභ අංක 03 06 09

මීන

ලග්නාධිපති ගරැ 12 වැන්නේද කුජ 05 වැන්නේ ද රවි බුධ සිකුරැ රාහු 10 වැන්නේ ද ශනි 07 වැන්නේද සදු කේතු 04 වැන්නේ ද සිටිමින් ඇරඕ මෙම වසර එතරම් සුභදායක නොවේ. රැකියා ගැටලු ධන හානි සමාජ ඇසුරේ ඇතිවන ගැටලු ස්වාමි භාර්යා ගැටුම් ඇතිවිය හැක.වාතාබාධ ද පෙන්වයි.
ශුභ අංක 03 09